දරුවෝ
දරුවෝ වනාහි අත්රජය, ඤාතකය, ඛෙත්තජය, අන්තේවාසිකය, දින්නක ය යි පස් කොටසෙකි. අත්‍රජ යනු තමන් නිසා උපන් දරුවෝ ය. ඤාතක යනු නෑකමින් දරු වන්නෝ ය. ඛෙත්තජ යනු සමීපයෙහි ඉපදීමෙන් දරු වූවෝ ය. ඔවුන් ඇත්තේ දෙව්ලොව ය. දිව්‍යස්ත්‍රීහු දරුවන් නො වදති. ඇකයෙහි හෝ ළයෙහි හෝ යහනෙහි හෝ උපන් තැනැත්තා දෙවියෝ දරු කොට සලකති. අන්තේවාසිකයයනු ගෝලයෝ ය. ගුරුවරයා විසින් දරුවකු මෙන් සලකා ශිෂ්‍යයා හට හොඳ නරක කියා දී සිප් සතර උගැන්විය යුතුය. ශිෂ්‍යයා විසින් ද ගුරුවරයා පියකු මෙන් සැලකිය යුතුය. අනුන් විසින් දරුවකු කොට දෙන ලදුව තමා විසින් පෝෂණය කරන ලද දරුවා දින්නක නම් වේ. ඒ පස් කොටසක් වූ දරුවන්ගෙන් අත්‍රජ නම් වූ දරුවෝ ප්‍රධාන වෙති.
අතිජාත දරුවෝය, අනුජාත දරුවෝය, අවජාත දරුවෝ යි ද දරුවෝ තුන් කොටසක් වෙති. මාපියන්ට වඩා ගුණවත් වූ දරුවෝ අතිජාත පුත්‍රයෝ ය. මාපියන් හා සමාන ගුණ ඇති දරුවෝ අනුජාත පුත්‍ර නම් වෙති. මාපියන්ට වඩා ගුණයෙන් හීන දරුවෝ අවජාත පුත්‍රයෝ ය.
“අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා
අවජාතං න ඉච්ඡන්ති සො හොති කුල ගන්ධනො.”
“පණ්ඩිත මාපියෝ අතිජාත වූ ද අනුජාත වූ ද පුත්‍රයන් කැමති වන්නා හ. අවජාත දරුවන් නො කැමති වන්නාහ. අවජාත පුත්‍රයා කුලය නසන්නෙක් වන්නේ ය” යනු එහි තේරුම ය.
පණ්ඩිත මාපියන් දරුවන් ගෙන් බලාපොරොත්තු වන කරුණු
පණ්ඩිත මාපියෝ කරුණු පසක් බලාපොරොත්තුවෙන් දරුවන් තනති. ඒ බව තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
“පඤ්ච ඨානානි සම්පස්සං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා
භතො වා නො හරිස්සති කිච්චං වා නො කරිස්සති
කුලවංසො චිරං ඨස්සති දායජ්ජං පටිපජ්ජති,
අථ වා පන පෙතානං දක්ඛිණං අනුපදස්සති,
ඨානානෙතානි සම්පස්සං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා
“පණ්ඩිත මාපියෝ කරුණු පසක් බලමින් දරුවකු කැමති වෙති. අප විසින් පෝෂණය කරන ලද තැනැත්තේ මහලු කාලයේ දී අප පෝෂණය කෙරේය. වැඩක් ඇති වූ කල්හි අපට එය කරන්නේය. දරුවා නිසා අප ගේ කුලපරම්පරාව බෝ කල් පවත්නේ ය, අපගේ උරුමය පවත්නේ ය, අප මළ කල්හි අප උදෙසා දන් දෙන්නේ ය යන මේ කරුණු බලාපොරොත්තුවෙන් නුවණැත්තෝ දරුවකු කැමති වන්නාහ” යනු එහි තේරුමයි. බාල කාලයේ දී තමන් පෝෂණය කළ මාපියන් හට ඔවුන් බලාපොරොත්තු වන කරුණු පස ඉටු කිරීම දරුවකුගේ පරම යුතුකම ය. දරුවෝ ඒ කරුණු පස ඉටු කෙරෙත්වා!